සිගාලෝවාද සූත්‍රය
සිගාලෝවාද සූත්‍රය
සූත්‍ර පිටකය : දීඝ නිකාය : (31) සිගාලෝවාද සූත්‍රය
එකල්හි බුදුන් වහන්සේ ඔහුගෙන් "කවර හේතුවක් නිසා මෙසේ සදිශාවන්ට නමස්කාර කරත් දැ" යි විමසූහ.
එවිට සිඟාලක ගෘහපතියා "ස්වාමිනී මගේ පියා මියයන විට 'දරුවා සදිශාවන්ට නමස්කාර කරන්න' යි උපදෙස් දුන්නේය. එනිසා මෙසේ දිශාවන්ට නමස්කාර කරමි" යි පිළිතුරු දුනි.
එවිට බුදුන් වහන්සේ "ගෘහපති පුත්‍රය, බුදු දහමේ සදිශාවන්ට නමස්කාර කරන්නේ මීට වඩා වෙනස් ආකාරයක ටැ" යි වදාළහ.
එවිට සිඟාලක තෙමේ "ස්වාමීනී, එසේ නම් මට බුදු දහමේ සදිශාවන්ට නමස්කාර කරන ආකාරය දේශනා කල මැනව" යි ඉල්ලා සිටියේය.
ඔහුගේ ඉල්ලීම පරිදි බුදුන් වහන්සේ විසින් උතුම් ශ්‍රාවකයෙක් පිළිපැදිය යුතු කරුණු සහ තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ට සැලකිය යුතු ආකාරය මෙසේ සදිශාවන් ඇසුරෙන් දේශනා කරන ලදී :
දුරු කල යුතු කර්ම ක්ලේශ 4
1. පන නැසීම (ප්‍රාණඝාතය)
2. නුදුන් දේ ගැනීම (අදත්තාදානය)
3. කාමයේ වරදවා හැසිරීම (කාම මිත්‍යාචාරය)
4. බොරු කීම (මුසාවාදය)
වැළකිය යුතු පාප කර්ම සිදු වන ආකාර 4
1. ඇලීම (ඡන්ද)
2. තරහ (ද්වේශ)
3. බිය (භය)
4. මුලාව (මෝහ)
වස්තු විනාශයට හේතුවන කරුණු 6
1. මත්පැන් පානය
2. නුසුදුසු කාලයේ වීදි සංචාරය
3. නිතරම නාට්‍ය ශාලා ආදියට යාම
4. සූදුව
5. පාප මිත්‍රයන් ඇසුරු කිරීම
6. අලස බව
නිධාන කතාව :
බුදු රජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ සිටින කල්හි, එක උදෑසනක පිඩු සිඟා වඩින කල, සිඟාලක නම් වූ එක ගෘහපතියෙක් තෙත් වූ හිසකෙස් ඇතිව, තෙත වස්ත්‍රයන් පිටින් දිශා හයකට වැඳ නමස්කාර කරන ආකාරය දුටහ.එකල්හි බුදුන් වහන්සේ ඔහුගෙන් "කවර හේතුවක් නිසා මෙසේ සදිශාවන්ට නමස්කාර කරත් දැ" යි විමසූහ.
එවිට සිඟාලක ගෘහපතියා "ස්වාමිනී මගේ පියා මියයන විට 'දරුවා සදිශාවන්ට නමස්කාර කරන්න' යි උපදෙස් දුන්නේය. එනිසා මෙසේ දිශාවන්ට නමස්කාර කරමි" යි පිළිතුරු දුනි.
එවිට බුදුන් වහන්සේ "ගෘහපති පුත්‍රය, බුදු දහමේ සදිශාවන්ට නමස්කාර කරන්නේ මීට වඩා වෙනස් ආකාරයක ටැ" යි වදාළහ.
එවිට සිඟාලක තෙමේ "ස්වාමීනී, එසේ නම් මට බුදු දහමේ සදිශාවන්ට නමස්කාර කරන ආකාරය දේශනා කල මැනව" යි ඉල්ලා සිටියේය.
ඔහුගේ ඉල්ලීම පරිදි බුදුන් වහන්සේ විසින් උතුම් ශ්‍රාවකයෙක් පිළිපැදිය යුතු කරුණු සහ තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ට සැලකිය යුතු ආකාරය මෙසේ සදිශාවන් ඇසුරෙන් දේශනා කරන ලදී :
මෙලොව පරලොව දිනන මග
උතුම් ශ්‍රාවකයෙක් කරුණු 14 කින් වැළකී සිටියි නම්, හෙතෙම මෙලොවද, පරලොව ද දිනන ලද්දේ වෙයි.- අපිරිසිදු ක්‍රියා (කර්ම ක්ලේශ) 4 ක් දුරු කරයි
- පාප කර්ම සිදු වන ආකාර 4 කින් වැළකී සිටියි
- වස්තු විනාශයට හේතුවන කරුණු 6 ක් සේවනය නොකරයි
දුරු කල යුතු කර්ම ක්ලේශ 4
1. පන නැසීම (ප්‍රාණඝාතය)
2. නුදුන් දේ ගැනීම (අදත්තාදානය)
3. කාමයේ වරදවා හැසිරීම (කාම මිත්‍යාචාරය)
4. බොරු කීම (මුසාවාදය)
වැළකිය යුතු පාප කර්ම සිදු වන ආකාර 4
1. ඇලීම (ඡන්ද)
2. තරහ (ද්වේශ)
3. බිය (භය)
4. මුලාව (මෝහ)
වස්තු විනාශයට හේතුවන කරුණු 6
1. මත්පැන් පානය
2. නුසුදුසු කාලයේ වීදි සංචාරය
3. නිතරම නාට්‍ය ශාලා ආදියට යාම
4. සූදුව
5. පාප මිත්‍රයන් ඇසුරු කිරීම
6. අලස බව
වස්තු විනාශය සිදුවන ආකාරය
මේ එක එක කරුණු 6 කිරීමෙන්, සය ආකාරයකින් පිරිහීම් ඇති වේ1. මත්පැන් පානය
- ධනය පිරිහීම
- කෝලාහල ආදියට සම්බන්ධවීම
- ලෙඩ රෝග වැළඳීම
- අපකීර්තියට පත්වීම
- ලැජ්ජාව දුරු වීම
- නුවණ දුර්වල වීම
2. නුසුදුසු කාලයේ වීදි සංචාරය
- තමා අනාරක්ෂිත වීම
- අඹු දරුවන් අනාරක්ෂිත වීම
- ධනය සහ දේපල අනාරක්ෂිත වීම
- අන්‍යන්ගේ සැකයට බඳුන් වීම
- නොකළ වරදට හසුවීම
- නොයෙක් දුක් කරදර වලට මුහුණ පෑමට සිදු වීම
3. නිතරම නාට්‍ය ශාලා ආදියට යාම
- නිතරම නැටුම් සොයා යාම
- නිතරම ගීත ගායනයන් සොයා යාම
- නිතරම සංගීතයන් සොයා යාම
- නිතරම කතා පැවැත්වීම් සොයා යාම
- නිතරම කයිතාලම් වාදන සොයා යාම
- නිතරම පිඹීම වාදන සොයා යාම
4. සූදුව
- ජයගත් විට පැරදුන අයගේ වෛරයට පාත්‍ර වීම
- පැරදුනු විට පැරදුනු වස්තුව ගැන දුක් වීම
- වස්තුව විනාශ වීම
- ඔහුගේ (ඇයගේ) වචනය කිසිවෙකු පිලි නොගැනීම
- මිතුරන්ගේ සහ ඇසුරු කරන්නන්ගේ ගේ නින්දාවට පාත්‍ර වීම
- විවාහ වීමට නුසුදුස්සෙක් බවට පත් වීම
5. පාප මිත්‍රයන් ඇසුරු කිරීම
- සූදු කෙලින්නන් මිතුරන් බවට පත් වීම
- ස්ත්‍රී සොඬුන් මිතුරන් බවට පත් වීම
- සුරා සොඬුන් මිතුරන් බවට පත් වීම
- කපටින් මිතුරන් බවට පත් වීම
- වංචා කරුවන් මිතුරන් බවට පත් වීම
- දාමරිකයන් මිතුරන් බවට පත් වීම
6. අලස බව
- ඉතා ශීතල යැයි වැඩෙහි නොයෙදීම
- ඉතා උණුසුම් යැයි වැඩෙහි නොයෙදීම
- ඉතා සවස් යැයි වැඩෙහි නොයෙදීම
- ඉතා උදෑසන යැයි වැඩෙහි නොයෙදීම
- ඉතා බඩගින්නෙන් පෙලෙමි යැයි වැඩෙහි නොයෙදීම
- කෑමෙන් පසු ඉතා බඩ බර යැයි වැඩෙහි නොයෙදීම
කල්‍යාන මිත්‍ර සම්පත්තිය
මිත්‍ර ප්‍රතිරූපකයන්
මිතුරු වෙසින් හැසිරෙන මිත්‍ර ප්‍රතිරූපකයන් සතර දෙනෙකි
- යමක් ලබා ගැනීමට පමණක් මිතුරු කම් දක්වන්නා (අඥඥදත්තුහර)
- වචනයෙන් පමණක් මිතුරුකම් දක්වන්නා (වචීපරම)
- ඇති තැන පමණක් බොරු ප්‍රශංසා කරන්නා (අනුප්පියභානී)
- පාපයන් හි යෙදීමට මිතුරු කම් දක්වන්නා (අපාය සහයක)
- හිස් අතින් අවුත් යමක් ගෙන යාමට බලාපොරොත්තු වෙයි
- සුළු දෙයක් දී ලොකු දෙයක් බලාපොරොත්තු වෙයි
- මිතුරාට ඇති බියෙන් තම යුතුකම් ඉටු කරයි
- තමාගේ ප්‍රයෝජනය පිණිසම කටයුතු කරයි
- අතීතයෙන් සංග්‍රහ කරයි
- අනාගතයෙන් සංග්‍රහ කරයි
- හිස් වචනයෙන් සංග්‍රහ කරයි
- උදව් කල යුතු අවස්ථාවේදී තමාට ඇති අපහසු කම් දක්වයි
- යහපත් ක්‍රියා විවේචනය කරයි
- අයහපත් ක්‍රියා අනුමත කරයි
- ඇති තැන ගුණ කියයි
- නැති තැන නුගුණ කියයි
- මත්පැන් පානය සඳහා මිතුරු වෙයි
- අවේලාවේ වීදි සංචාරය සඳහා මිතුරු වෙයි
- නැටුම් ගැයුම් ආදිය සඳහා මිතුරු වෙයි
- සූදු කෙලිය සඳහා මිතුරු වෙයි
කල්‍යාන මිත්‍රයන්
කල්‍යාන මිත්‍රයන් සතර දෙනෙකි- කරදරයකදී පිටු නොපාන මිතුරා (උපකාරක)
- සැප දුක් දෙකෙහිම සමාන ගති පැවතුම් ඇති මිතුරා (සමාන සුඛ දුක්ඛ)
- අයහපතෙන් වලක්වා යහපතෙහි යොදවන මිතුරා (අත්තක්කායී)
- අනුකම්පාවෙන් කටයුතු කරන මිතුරා (අනුකම්පක)
- ප්‍රමාද වූ මිතුරා රකී
- ප්‍රමාද වූ මිතුරා ගේ ධනය රකී
- අනතුරට පත් මිතුරාට පිහිට වෙයි
- උදව් කල යුතු අවස්ථාවේ දෙගුණයක් උදව් ලබා දෙයි
- තමාගේ රහස් මිතුරාට කියයි
- මිතුරාගේ රහස් හෙළි නොකරයි
- විපතකදී හැර නොයයි
- අවශ්‍ය විටෙක මිතුරා වෙනුවෙන් ජීවිතය පවා පුද කිරීමට සූදානම් ව සිටී
- අයහපතෙන් වලක්වයි
- යහපතෙහිම යොදවයි
- නොදන්නා දේ දැනගැනීමට සලස්වයි
- දෙව්ලොවට මග කියා දෙයි
- මිතුරාගේ පිරිහීමෙදී සතුටු නොවෙයි
- මිතුරාගේ දියුනුවෙදී සතුටු වෙයි
- මිතුරාගේ නුගුණ කියන්නවුන් වලක්වයි
- මිතුරාගේ ගුණ කියන්නවුන් ට ප්‍රශංසා කරයි
වස්තු පරිභෝජනය
නුවණැති පුද්ගලයා තමාගේ වස්තුව කොටස් හතරකට බෙදා පාවිච්චි කරයි- එක කොටසක් පරිභෝජනයට යොදා ගනී
- කොටස් දෙකක් කර්මාන්ත ආදියෙහි වැඩි දියුණුවට යොදවයි
- අනෙක් කොටස විපතකදී ප්‍රයෝජනයට ගැනීමට ආරක්ෂා කොට තබයි
සදිශාවෝ
උතුම් වූ ශ්‍රාවකයා දිශාවන් සයකට නමස්කාර කරයි- නැගෙනහිර දිශාව - දෙමව්පියෝ
- දකුණු දිශාව - ගුරුවරු
- බටහිර දිශාව - අඹු දරුවෝ
- උතුරු දිශාව - මිත්‍රයෝ
- යට දිශාව - තමන් යටතේ සේවය කරන්නන්
- උඩ දිශාව - පැවිදි උතුමෝ
1. නැගෙනහිර දිශාව
උතුම් ශ්‍රාවකයෙක් පස් ආකාරයකින් මව්පියන්ට සලකයි- මව්පියන් මහලු වයසේදී පෝෂණය කිරීම
- මව්පියන්ගේ කටයුතු කිරීම
- කුල පරම්පරාව රැක ගැනීම
- මව්පියන්ගෙන් උරුම වූ වස්තුව රැකීම
- මිය ගිය මව්පියන් උදෙසා පුණ්‍ය කර්ම වල නිරත වීම
- පවින් වැලැක්වීම
- යහපතෙහි යෙදවීම
- ශිල්ප ඉගැන්වීම
- සුදුසු බිරියක් (සැමියෙක්) සොයා දීම
- සුදුසු කාලයේදී දායාද පවරා දීම
2. දකුණු දිශාව
උතුම් ශ්‍රාවකයෙක් පස් ආකාරයකින් ගුරුවරුන් ට සලකයි- ගුරුවරයා දුටු විට හුන් අසුනින් නැගිටීම
- උපස්ථාන කිරීම
- ගුරුවරයාගේ උපදෙස් වලට සවන් දීම
- කල යුතු වත් පිළිවෙත් ඉටු කිරීම
- මැනවින් ශිල්ප හැදෑරීම
- යහපත් විනය ඇති කිරීම
- හොඳින් ශිල්ප ලබා දීම
- තමා දන්නා සියලු ශිල්ප ලබා දීම
- තම මිතුරන්ට ගෝලයන් හඳුන්වා දීම
- සියලු ස්ථානයන් හිදී ආරක්ෂා කිරීම
3. බස්නාහිර දිශාව
උතුම් ශ්‍රාවකයෙක් පස් ආකාරයකින් බිරිය ට සලකයි- බුහුමන් කිරීම
- අවමන් නොකිරීම
- අන් අඹුවන් සේවනය නොකිරීම
- ගෘහය පාලනය කිරීමේ වගකීම් පවරා දීම
- අලංකාරයට සුදුසු ඇඳුම් ආභරණ ලබා දීම
- තම කටයුතු මැනවින් ඉටු කිරීම
- පරිවාර ජනයාට හොඳින් සංග්‍රහ කිරීම
- අන් පුරුෂයන් සේවනය නොකිරීම
- සැමියාගේ වස්තුව ආරක්ෂා කිරීම
- සියලු කටයුතු දක්ෂවත් අනලස් වත් ඉටුකිරීම
4. උතුරු දිශාව
උතුම් ශ්‍රාවකයෙක් පස් ආකාරයකින් තම මිතුරන්ට සලකයි- අවශ්‍ය විටෙකදී උපකාර ලබා දීම
- ප්‍රිය වචනයෙන් කතා කිරීම
- යහපත සැලසීම
- සමානාත්මතාවය (තමන් හා සමානව සැලකීම)
- නොරැවටීම
- ප්‍රමාද වූ මිතුරා රැකීම
- ප්‍රමාද වූ මිතුරා ගේ ධනය රැකීම
- අනතුරට පත් මිතුරාට පිහිට වීම
- විපතක් වූ කල මග හැර නොයාම
- පරිවාර ජනයාට සැලකිලි දැක්වීම
5. යට දිශාව
උතුම් ශ්‍රාවකයෙක් පස් ආකාරයකින් තමන් යටතේ සේවය කරන්නන්ට සලකයි- ශක්තියට සරිලන පරිද්දෙන් වැඩ නියම කිරීම
- ආහාර, වැටුප් දීම
- ගිලන් වූ කල උපස්ථාන කිරීම
- රසවත් ආහාරයක් ලද විට බෙදා දීම
- දිය යුතු දේ සුදුසු කල දීම
- ස්වාමියාට පෙර නැගී සිටීම
- ස්වාමියාට පසු නින්දට යාම
- දුන් දෙය පමණක් ගැනීම
- හොඳින් කර්මාන්ත කිරීම
- ස්වාමියාගේ ගුණ වර්ණනා කිරීම
6. උඩ දිශාව
උතුම් ශ්‍රාවකයෙක් පස් ආකාරයකින් පැවිදි උතුමන්ට සලකයි- මෛත්‍රී සහගතව ක්‍රියා කිරීම
- මෛත්‍රී සහගත වචනයෙන් සැලකීම
- මෛත්‍රී සහගත සිතින් කටයුතු කිරීම
- දොරටු නිතරම විවෘතව තැබීම
- අහාර පාන ආදිය ලබා දීම
- පවින් වැළකීම
- පිනෙහි යෙදවීම
- යහපත් සිතින් අනුකම්පා කිරීම
- නොඇසූ ධර්මය අස්වීම
- ඇසූ ධර්මය පැහැදිලි කර දීම
- දෙව්ලොවට මග කියා දීම
සතර සංග්‍රහ වස්තු
- දානය
- ප්‍රිය වචන කීම
- අනුන්ට වැඩ පිණිස හැසිරීම
- අනුන්ට ද තමන්ට සේ සැලකීම
Thank you very much. More merits
ReplyDeleteDownload krnn brid
DeleteThank you so much🌹🌹🌹
Deleteසාදු සාදු සාදු 🙏🌼 තෙරුවන් සරණයි
ReplyDeleteThank you so much ☸️
ReplyDeleteThank you
ReplyDelete