තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඉතිහාසය

01. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඉතිහාසය බෙදනු ලබන කාල වකවානු (Timelines) : 

පූර්ව යාන්ත්‍රික යුගය (1450 ට පෙර )
යාන්ත්‍රික යුගය (1450 - 1840)
විද්‍යුත් යාන්ත්‍රික යුගය (1840 1940)
විද්‍යුත් යුගය (1940 සිට අද දක්වා)         
02. පරිගණකයේ ඉතිහාසය (The History of the Computer)

ඇබකසය (Abacus) : ඇබකසය යනු මිනිසා තම ගණිත කටයුතු පහසු කර ගැනීම පිණිස ක්‍රි.පූ. 3000 දී පමණ චීන ජාතිකයින් භාවිතා කළ උපකරණයකි. පරිගණකයට මුල්ම අඩිතාලම තබන ලද්දේ ඇබකසය මගිනි.

03. ආකලන යන්ත්‍රය (Adding Machine / Pascaline) : 1642 දී බ්ලේස් පැස්කල් විසින් නිපද වූ ගණිත කර්ම පහසුවෙන් සිදු කළ හැකි යන්ත්‍රයකි. එකතු කිරීම සහ අඩු කිරීම පමණක් සිදුකළ හැකි විය.

04. Step Reckoner යන්ත්‍රය: 1674 දී ජර්මන් ජාතික ගණිතඥයෙකු වූ ගොඩ්ෆ්‍රිඩ් විල්හෙල්ම් විසින් Pascaline යන්ත්‍රය වැඩි දියුණු කර එකතු කිරීම, අඩුකිරීම පමණක් නොව ගුණ කිරීම සහ බෙදීම වැනි ගණිත කර්ම සිදු කළ හැකි මෙම යන්ත්‍රය නිපදවීය.

05. සිදුරු කාඩ්පත් සංකල්පය (Punch Cards Concept) : ප්‍රංශ ජාතික ජෝෂප් ජැකුවාඩ් විසින් සිදුරුපත් සංකල්පය ඉදිරිපත් කළහ.

06. Difference Engine: 1822 දී චාල්ස් බැබේජ් විසින් "ලොව ප්‍රථම යාන්ත්‍රික පරිගණකය" සඳහා අවශ්‍ය කරන ආකෘතියක් ඉදිරිපත් කළහ.

07. ඇනලිටිකල් යන්ත්‍රය (Analytical Engine) : චාල්ස් බැබේජ් විසින් 1833 දී නිර්මාණය කළ ඇනලිටිකල් යන්ත්‍රය සඳහා මූලික අඩිතාලම වැටුනේ සිදුරුපත් සංකල්පයයි. මෙහි විශේෂත්වය වනුයේ එහි දත්ත ආදානය (Input), සකස් කිරීම (Process), තැන්පත් කිරීම (Storage) සහ ප්‍රතිදානය (Output) යන කාර්යයන් සිදු කිරීම සඳහා අවශ්‍ය උපාංග එහි තිබීමයි. පරිගණකයේ පියා.

08. ලොව ප්‍රථම පරිගණක වැඩසටහන් ශිල්පිණිය (1st Computer Programmer) : චාල්ස් බැබේජ්ගේ මෙම ඇනලිටිකල් යන්ත්‍රය (Analytical machine) සඳහා ඇඩා ඔගස්ටා (Ada Augusta) මැතිණිය විසින් වැඩසටහන් (Programs) සකස් කරන ලදී.
09. ඉලෙක්ට්‍රොනික වෑල්වය / රික්තක නලය (Vacuum Tube) : 1906 දී ෆොරස්ට් විසින් ඉලෙක්ට්‍රොනික වෑල්වය (රික්තක නලය ) සොයාගැනීම නූතන පරිගණක තාක්ෂණය සඳහා මුල්ගල තැබීමක් විය.

10. Mark 1 යන්ත්‍රය: 1937 දී හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයේ හෝවර්ඩ් එයිකන් චාල්ස් බැබේජ්ගේ සංකල්පය වැඩි දියුණු කිරීමට දැඩි ලෙස උත්සහා ගන්නා ලදී. 1939 දී ස්වයංක්‍රීය අනුක්‍රම පාලක ගණක යන්ත්‍රය’ (Automatic Sequence Controlled Calculator) යන්ත්‍රය නිපදවීමට හැකි විය. මෙය පසුකාලීනව Mark 1 යන්ත්‍රය ලෙස නම් කරන ලදී.

11. පළමු පොදු කාර්යය ඉලෙක්ට්‍රොනික අංකිත පරිගණකය (The 1st General purpose digital computer) – ENIAC : 1946 දී නිපදවූ එනියැක් (ENIAC – Electronic Numerical Integrator and Calculator) යන්ත්‍රය පළමු පොදු කාර්යය ඉලෙක්ට්‍රොනික අංකිත පරිගණකය නම් වේ.

12. ගබඩා කළ ක්‍රමලේඛන යොදාගත් මුල්ම අංකිත පරිගණකය (The 1st digital computer which used stored programs) – EDVAC - 1949 දී නිපදවන ලද එඩ්වැක් (EDVAC – Electronic Discrete Variable Automatic Computer) යන්ත්‍රය, ගබඩා කළ ක්‍රමලේඛන යොදාගත් මුල්ම අංකිත පරිගණකයයි. 
13. ට්‍රාන්සිස්ටරය (Transistor) - අර්ධ සන්නායක උපාංගයක් වන අතර එය වර්ධකයක් ලෙස සහ ස්විචයක් ‍ලෙස භාවිතා කරනු ලැබේ. තවද පරිගණකවල, ජංගම දුරකථන වල සහ අනෙකුත් සියලුම විද්‍යුත් උපකරණ වල භාවිතා වන මූලික විද්‍යුත් පරිපථ උපාංගයක් ලෙසද මෙය සැලකිය හැකිය. ට්‍රාන්සිස්ටරයේ ඇති ඉක්මන් ක්‍රියාකාරිත්වයත්, නිරචද්‍යතාවයත් නිසා විවිධවූ කාර්යයන් සදභා මෙය යොදා ගනු ලබන අතර උදාහරණ ලෙස ධාරා වර්ධනය,වෝල්ටීයතා වෙනස්කිරීම්, සංඥා සැකසීම සහ දෝළක සැලකිය හැකිය. (Source : Wikipedia )
14. අනුකලිත පරිපථ (IC – Integrated Circuits) : 1964 දී ට්‍රාන්සිස්ටර (Transistor) වල එකතුවෙන් සැදුම්ලත් අනුකලිත පරිපථ (IC – Integrated Circuits) වල පැමිණීමත් සමගම පරිගණක ප්‍රමාණයෙන් සහ මිලෙන් අඩුවූ අතර ඒවායේ වේගය වැඩිවිය. . කල්යත්ම අනුකලිත පරිපථ දහස් ගණනකින් කෙරෙන කාර්යය ඉටු කිරීමට සමත් සිලිකන් චිප (Silicon Chips) නිපදවීමට ඉලෙක්ට්‍රොනික තාක්ෂණය දියුණු විය. 

LSI – Large Scale Integration
VLSI – Very Large Scale Integration

15. ක්ෂුද්‍ර සකසනය (Microprocessor) : දහස් ගණන් අනුකලිත පරිපථ (IC), සිලිකන් චිපයක් (Silicon Chip) තුළ තැන්පත් කිරීමට තරම් තාක්ෂණය දියුණු වීමත් සමගම ක්ෂුද්‍ර සකසනය (Micro Processor) බිහිවිය. මේවා යොදාගෙන නිර්මාණය කළ පරිගණක වල වේගය හා කාර්‍යක්ෂමතාවය ඉතාම ඉහළ වූ අතර මිල හා ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවිය.

16. සකසන (Processors) නිෂ්පාදනය කරන ආයතන : Intel, AMD, Cyrix, Motorola, NEC
06.  පරිගණක පරම්පරාවන් සහ භාවිත කළ තාක්ෂණික උපාංග 

       පරම්පරාව
භාවිත කළ තාක්ෂණය / උපකරණය
1. පළමු වන පරම්පරාවේ පරිගණක
රික්තක නල (Vacuum Tubes)
2. දෙවන පරම්පරාවේ පරිගණක
ට්‍රාන්සිස්ටර (Transistors)
3. තෙවන පරම්පරාවේ පරිගණක
අනුකලිත පරිපථ (IC – Integrated Circuits)
4. සිව්වන පරම්පරාවේ පරිගණක
ක්ෂුද්‍ර සකසන (Micro Processors)
5. පස්වන පරම්පරාවේ පරිගණක
කෘතීම බුද්ධිය (AI – Artificial Intelligence)

07. පස්වන පරම්පරාව / පරිගණක තාක්ෂණයේ අනාගත දිශානති / අභිමතාර්ථ

බුද්ධිමත් මිනිසකුගේ ක්‍රියාකාරිත්වයට බොහෝ සෙයින් සමාන පරිගණකයක් නිපදවීම වර්තමාන විද්‍යාඥයින්ගේ අරමුණයි. පරිගණක විද්‍යාවේදී මෙම ක්ෂේත්‍රය කෘතීම බුද්ධිය නම් වේ.එකම අවස්ථාවේදී වෙනස් සිතිවිලි කිහිපයක් කෙරෙහි අවධානය යොමු කර තීරණ ගැනීම, කටහඬවල් වෙන වෙනම හඳුනා ගැනීම වැනි සංකීර්ණ ක්‍රියාදාමයන් මිනිසාට සිදු කළ හැකිය. රොබෝ තාක්ෂණය, ස්වයංක්‍රීය වාහන නිඅදවීම වැනි ක්‍රියාදාමයන් දැනටමත් කෘතීම බුද්ධිය (AI – Artificial Intelligence) මගින් සිදු කර ඇත.

08. පරිගණක වර්ගීකරණ ආකාර (Classification of Computers) :
  • විශාලත්වය අනුව පරිගණක වර්ගීකරණය (Size)
  • තාක්ෂණය අනුව පරිගණක වර්ගීකරණය (Technology)
  • භාවිතා කරන කාර්යය අනුව පරිගණක වර්ගීකරණය (Purpose)

09. විශාලත්වය අනුව පරිගණක වර්ගීකරණය (Size) :
  • සුපිරි පරිගණක (Super Computers)
  • මහා පරිගණක (Mainframe Computers)
  • මධ්‍ය පරිගණක (Mini Computers)
  • ක්ෂුද්‍ර පරිගණක (Micro Computers)

10. තාක්ෂණය අනුව පරිගණක වර්ගීකරණය (Technology) :
  • සංඛ්‍යාංක පරිගණක(Digital Computers)
  • ප්‍රතිසම පරිගණක(Analog Computers)
  • දෙමුහුම් පරිගණක(Hybrid Computers)

11. භාවිතා කරන කාර්යය අනුව පරිගණක වර්ගීකරණය (Purpose) :

  • පොදු කාර්යය පරිගණක (General Purpose Computers)
  • විශේෂ කාර්යය පරිගණක (Special Purpose Computers)

12.  ක්ෂුද්‍ර පරිගණක වර්ගයට ගැනෙන පුද්ගල පරිගණක (PC – Personal Computers)

  • ඩෙස්ක්ටොප් පරිගණක (Desktop Computers)
  • වැඩහල් (Workstations)
  • උකුල් / ලැප්ටොප් පරිගණක (Laptop Computers)
  • අත්ල / පාම්ටොප් පරිගණක (Palmtop Computers)
  • නෝට්බුක් පරිගණක (Notebook Computers)
  • පුද්ගල සංඛ්‍යාංක සහකරු (PDA – Personal Digital Assistant)
  • සාක්කු පරිගණකය (Pocket Computers)

13.  තොරතුරු හා සන්නිවේදනය භාවිතා වන ක්ෂේත්‍ර :
  • අධ්‍යාපන (Education)
  • සෞඛ්‍ය (Health)
  • සන්නිවේදන (Communication)
  • ගමනාගමන (Transportation)
  • මූල්‍ය (Finance)
  • බැංකු (Banking)
  • පරිපාලන (Administration)
  • කෘෂිකාර්මික (Agriculture)
  • ආරක්ෂක (Security)
  • ඉදිකිරීම් (Construction)

14.  අධ්‍යාපන ක්ෂේත‍්‍රය (Education sector)

  • බහුමාධ්‍ය තාක්ෂණය (Multimedia Technology) භාවිතයෙන් ඉගෙන්වීම් කටයුතු සිදු කිරීම.
  • දුරස්ථ අධ්‍යාපනය (Distance Learning) මගින් ඉගෙනීම් කටයුතු නිවසේ සිටම සිදු කිරීම.
  • විද්‍යුත් ඉගෙනුම (e-learning) මගින් විෂය කරුණු පිළිබඳව වැඩිදුර අධ්‍යයනයට.
  • පරිගණක ආධාරක ඉගෙනුම (CAL – Computer Aided Learning)
  • පරිගණක ආධාරක ඉගැන්වීම (CAT – Computer Aided Teaching)
  • වෙබ් ආධාරක ඉගැන්වීම (WBT – Web Based Teaching)

15. සෞඛ්‍ය ක්ෂේත‍්‍රය (Health sector): 
CT Scanners, MRI Scanners, ECG, EEG, CAT
දුරස්ථ ශල්‍යකර්ම (Distance Operations) සිදු කිරීම.
e – Medicine / Telemedicine මගින් වෛද්‍ය උපදෙස් නිවසේ සිටම ලබා ගැනීමට.

16. මූල්‍ය ක්ෂේත‍්‍රය (Finance sector) : 
ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර (ATM - Automated Teller Machine) 
Telebanking, Phone banking, Net-banking
Credit Card Reader
MICR (Magnetic Ink Character Reader)

17. සන්නිවේදන ජනමාධ්‍ය ක්ෂේත්‍රය (Communication / Telecommunication sector) :
  • ජංගම දුරකතනය (Mobile phone)
  • ගුවන් විදුලිය (Radio), රූපවාහිනිය (Television)
  • පුවත්පත් (Newspapers)

18. ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය (Transportation sector) : 
  • ආගමන විගමන දෙපාර්තමේන්තුව
  • මෝටර් රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
  • රියදුරු බලපත් නිකුත් කිරීමේ දෙපාර්තමේතුව
  • ගුවන් ගමන් පාලනය
  • ගුවන් ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කිරීම
  • ආසන වෙන්කිරීම වැනි කටයුතු වලදී

19. ඉදිකිරීම් ක්ෂේත‍්‍රය (Construction sector) :

  • Planning (Auto CAD)
  • Estimating
  • Designing
  • Spreadsheets (Microsoft Excel)

20. ආරක්ෂක ක්ෂේත‍්‍රය (Security sector) : 

  • මිසයිල හැසිරවීම
  • න්‍යෂ්ඨික බලාගාර හැසිරවීම
  • බුද්ධි තොරතුරු එක්රුස්කිරීම හා විශ්ලේෂණය කිරීම

21. කෘෂිකාර්මික ක්ෂේත්‍රය (Agriculture sector):

  • කාලීන දැනුම ගොවීන් අතර බෙදා හැරීම
  • කාලගුණ තොරතුරු දැනගැනීමට
  • භෝග නිෂ්පාදනයේ දී වෙළඳපොළ මිලහි වෙනස්වීම් පිළිබඳව දැනගැනීම.

සාරාංශය (Summary)



  1. වෙන් වෙන් වශයෙන් ගත් විට තොරතුරක් ලබා දීමට සමත් රූප, ඉලක්කම්, සලකුණු හෝ වචන දත්ත ලෙස හැඳින්වේ.
  2. දත්ත සකස් කිරීමෙන් තොරතුරු ලබා ගත හැකිය.
  3. පරිගණකය පද්ධතියකි.
  4. දත්ත සකස් කිරීම සඳහා පරිගණක හා පරිගණක ගත උපකරණ භාවිතා කරයි.
  5. දත්ත ලබා දීම ආදානය ලෙසත් තොරතුරු ලබා ගැනීම ප්‍රතිදානය ලෙස හඳුන්වයි.
  6. තොරතුරු වල ගුණාත්මක බව (අදාල බව, අංගසම්පූර්ණ බව, නිවද්‍යතාවය, කාලීන බව, පිරිවැය අවම වීම,) වැනි ලක්ෂණ වැදගත් වේ.
  7. දත්ත ආදානය, සකස් කිරීම, තොරතුරු ප්‍රතිදානය පද්ධතියක සංරචක වේ.
    සකස් කරගත් තොරතුරු හුවමාරු කිරීම සඳහා තාක්ෂණය උපයෝගී කරයි. මෙය තොරතුරු සන්නිවේදන තාක්ෂණය වේ.
  8. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදවුම් මගින් මිනිසාගේ කාර්යයන් පහසු වී ඇත. මෙම යෙදවුම් රාශියක් ඇත. එනම් ඉ - රාජ්‍ය , අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මය, ව්‍යාපාර , ගමනාගමනය , විනෝදාස්වාදයයි.
  9. https://sway.com/z4LcaVCJuxXHVGP6?ref=Link



Comments